මොකද අද වෙලසනින් යන්නෙ, වෙනද 7.45 නේද යන්නෙ.
නෑ, අම්මේ අද කලින් පංති පටන් ගන්නවයි කියල කිව්වා.
කියටද පංති ඉවර වෙන්නෙ,
හරියටම කියන්න බැහැ.
ම්….බුදු සරණයි.
මං යනවා අම්මේ
………………………………..
මං බස් නැවතුමට විත් බලා සිටියෙ නොයිවසිල්ලෙනි.කිවුවා සේම ඔහු 7.10 බස් එකේ පැමිණ සිටියේය.මට ඇති වුයේ සතුටකි.ඔහු සිටි තැනට එන ලෙස මට හිසින් සන් කලේය.
නමුත් බසයේ මා අදුරන අයියා කෙනෙකු සිටි හෙයින් ඔහු අසලට යාමට මං නුපුලුවන් විය.
ඇයි මං කතා කලාම ආවේ නැත්තෙ.
අදුරන කෙනෙක් බස් එකේ හිටිය.
ඔව් ඉතින් අපි කතා කලාම එන් නෑනේ.
මේ සිතාර කිව්වම තේරුම් ගන්න.
හරි හරි ඉතින් ඕකට ඔචිචර කේන්ති ගන්න ඕන නැහැනේ.
හා…හා…සුභානි දෙන්නම අද එකට ඇවිත් තියෙන්නෙ නේද යැයි කියමින් ප්‍රියා අප සිටි තැනට පැමිණියේය.
නෑ ප්‍රියා සිතාරට ඔයත් එක්ක කතා කරන්න ඕන කිව්වා. ඒකයි කලින් ආවේ යැයි පවසන විට සිතාර සැනකින් නැගිට කේන්තියෙන් එලියට ගියේය.
මොකද හලෝ එකපාරටම වුනේ.
සුභානි මේ ඕන නැති විහිළු කරන්න එපා.
ආ…. එතකොට ඔයාට මම විහිළු කලොත් කේන්ති යනවා.එයා එතකොට ඔයාට ෆෝන් කරන්නෙ.
ඒ කියන්නෙ සුභානි ඔයාට මාව සැකයි කියලනේ.
අපෝ මට කමක් නෑ ඔයාල ඕන දෙයක් කර ගන්න.
පොඩ්ඩක් ඉන්න මේ බලන්න එයා මට එවපු මැසේජ් යැයි පවසා ඇය එවපු මැසේජ් වගයක් මට පෙන්විය.එය බලා අවසන් වන විට සර් පංතියට පැමුණිනි.සිතාර වාඩි වුයේ මට පිටුපස බංකුවෙනි.සර් උගන්වන අතර තුර ඔහු මට නොයෙක් විහිළු කතා ලියමින් චිට් එවන්නට විය.
මේ..පාඩුවෙ ඉන්නව හලෝ සර්රුත් බලනවා.බනිවි.
කමක් නෑ මටනේ ඔහේට මොකෝ.
කතා කරන්න එපා තමුසෙ මාත් එක්ක.
විහිළු වක් කලේ තරහද.
තරහ වෙන්න යාළුවෙලා හිටියයි.
යාළුවෙලා ඉන්නම ඕනෙයි තරහ වෙන්න.පංතියේ ලමුන් අප දෙදෙනා දෙස බලා සිනාසෙනු පෙණින.මට ඇති වුයේ අනියත බියකි.
සිතාර පංතිය අවසන් විමට ප්‍රථම මගෙ අතට පොඩි කොළ කෑල්ලක් දි ඉවතට ගියේය.එය දිග හැර බැලුමට දෙනෙත් අදහා ගත නොහැකි විය.
එහි ලියා ඇත්තේ කුමක්ද ඊලග කොටසින් බලමු.
ඒක හිතන තරම් ඉක්මනට කියන්න බැහැ.Intervel එකට කැන්ටිම ලගට එන්න.
හරි බලමු.
මොකක් ද එයාට මට කියන්න තියෙන වැදගත් දේ.ගමෙ ගිහින් ආවට පස්සෙ එයා වෙනස් වෙලයි කියල මට හිතෙනවා.ප්‍රියා
ගැනද දන්නැ.ඉතින් එයා හැමදාම කෝල් කරයි කියල කිව්වනේ.
……………………………………
සිතාර ඇයි මට එන්න කිව්වෙ
එන්නකෝ,මේක අහල ඔයා මං ගැන වැරදියට හිතන්න එපා.
ම්…කියන්න මං අහන් ඉන්නෙ.
ඔයා හිතන්නෙ මං අහිංසක තැන්පත් හිත හොද කෙනෙක් කියල නේද
ම්…
මං එහෙම කෙනෙක් නෙමෙයි කියල ඔයා දන්නවද මොකක්ද ඔයා කරපු නරක වැඩේ.ආ..ගමෙ ගියාට පස්සෙ ඔයාට
මොනාද වුනේ.හරියට වෙනස්වෙලා.මට ඔයාව තේරැම් ගන්න බැහැ සිතාර
ඔයා හිතන තරම් මං හොද කෙනෙක් නෙමෙයි.එහේදි මං ගොඩාක් වැරදි කරපු කෙනෙක්.ඒ
කරපු වැරදි වලට මම තවම හිතින් විදවනවා.කවදාවත් ඒ වැරදි වලට සමාවක් ලැබෙන
එකක් නම් නැහැ.ඒවා ඇහුවම ඔයත් මට වෛර කරයි යැයි පවසමින් ඔහු දෙනෙත් බිමට බර කර ගත්තේය.
නැහැ කවදාවත් එහෙම දෙයක් වෙන්නැ.මට බැහැ ඔයාට වෛර කරන්න.මගෙ හිත එච්චර දරැනු නැහැ.ඔයා කියන්න.
මං හිතුවට වැඩිය සුභානි හොදයි.කොල්ලෙක් විධියට කරන නරක පහත්ම වැඩ මට කරන්න සිද්ධ වුනා.ඒ……ඒවා.
ඇති….ඇති….සිතාර නවත්ත ගන්න.
මට සමාවෙන්න සුභානි.
ඇයි ඉතින් ඒ වගේ දේවල් කලේ.
මං බයිසිකලයකට තියෙන ආසාවටයි ඒ හැම දේම කලේ.
කෝ දැන් ඒක.
මං මෙහෙ ආපු දවස් වල ඒගොල්ලෝ ඇවිත් අරන් ගිහින් තිබුණා.
වුන දේවල් වුනා.හිත හදා ගන්න.
මාත් එක්ක තරහද
පිස්සුද මං මොකටද ඔයත් එක්ක තරහ වෙන්නේ.හරිනෙ දැන් මං යන්නන්.
මං වෙනුවෙන් කාලය වෙන් කලාට ස්තුතියි.
හෙට පංති එන්න වෙලාසනින්
7.10 එන්නන්.
සිතාර 7.10 ඒවිද ලබන සතියෙ බලමු.
5 කොටස
අරය ඇවිල්ල බං
කවුද?
උඹ හොය හොය හිටපු කෙනා
කවුද?’සිතාර’ මම විශ්මයෙන් ඇසුවෙමි.කොහොමද දන්නෙ
ප්‍රියා, තමයි මට කිව්වෙ
එයා දන්නෙ කොහොමද?
ඊයෙ ප්‍රියා කෝල් කළයි කිව්වා.එතකොට හෙට එනවයි කියල කිව්වලු.එයා නන් මාර ජොලියෙන් තමයි ඉන්නේ, මොකද කරන්නෙ බනිමුද?
ඕන් නෑ බං මට මොකද ඕන දෙයක් කර ගත්ත දෙන්.
හිතකින්ද බං උඹ ඔය කියන්නේ.උඹ සිතාරට ලව් නේද?
එහෙම එකක් නෑ මුතු.එයා හොද යාළුවෙක් එච්චරයි.
හරි..හරි..හිත රිදුනනන් මට සමාවෙයන්,යැයි පවසමින් ඇය ඉවත්ව ගියහ.ඇය ගිය පසු මම කල්පනා කලේ මා ගැන මෙන්ම සිතාර ගැනත්ය.මුළු දවසම මං ගෙවුවේ හරිම අපහසුවෙනි.
පසු දින මා පාසල් ගියේ අලුත් නැවුම් බලාපොරොත්තුවක්ද ඇතිවය.ඒ උදෑසනම ඔහුගේ මුහුණ බලා ගැනිමටය.නමුත් ඔහු හා කතා කිරිමේ ආශාවක් මා තුල ඇති නොවිය.මන්ද යත් ඔහු දකින විට මට ප්‍රියාව මතක් වන හෙයිනි.එහෙයින් ඔහු හා මට ඇති වන්නෙ කේන්තියක් මෙන්ම කළකිරිමක්ය.
ඔහු අද පාසල් පැමිණ සිටියහ.නමුත් හිතෙ එතරම් සතුටක් නැති බව පෙනුණි.මා දුටු ඔහු, පැමිණ,
හායි good morning සුභානි
good morning
මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න පුළුවන්ද?වැදගත් දෙයක් කියන්න තියෙනවා.
වෙනදත් කතා කරන්න අවසර ගත්තද? ආ..යැයි මම කේන්තියෙන් ඇසුවෙමි.එසැනින් සිතාරගේ මුහුණ අදුරැ විය.කමක් නැ සේරම වෙන්නෙ මටනෙ යැයි ඔහු දුකින් පැවසුවෙමි.මට ඔහු ගැන දුකක් ඇති විය.හරි ඔයාට කියන්න තියෙන වැදගත්තෙ ඉක්මනට කියන්න.මට වැඩ තියෙනවා.
සිතාර ඇයට පවසන වැදගත් දේ කුමක්ද?
ආදරෙයි කියල ද?නැත්තම් වෙන දෙයක්ද?
මතු සම්බන්ධයි.
4කොටස
පිස්සු කතා කියන්න එපා හලෝ, මට ගමේ යන්න වෙලා ඒකයි.
ඇයි ඒ මේ හදිස්සියෙම
මගෙ හොදම යාළුවා නැති වෙලා ඒකට, හෙටම යන්න ඕන.
ගිහින් ඉක්මනටම එනවා නේද?
බලමු.යැයි පවසා ඔහු එතැනින් ඉවත් වෙනවාත් සමග ම මුතු පැමිණ,
හා..හා..හොරේ මොක ද කල්පනාව කොල්ල බැහැයි කිව්වද?
යන්න මුතු යන්න මගෙ එහෙම එකක් නෑ.
හරි හරි බලමුකෝ අපිත් ඉන්නෙ මෙහෙනෙ’ යැයි පංතියටම ඇසෙන පවසමින් ඇය ඉවත්ව ගියේය.නොබෝ දිනකින් පංතියේ සිසුන් මට සිතාරගේ නම කියා විහිළු කරන්නට විය.මම ඔවුන්ට දොස් කිවත් ඒ පිලිබද කැමැත්තක් මා හිත තුල නොවුනාද නොවේ.නමුත් කිසිවෙකු නොසිතු දෙයක් අප පංතියේ සිදු වෙමින් පැවතිණ.ඒ පංතියේ ‘ප්‍රියා’ සිතාර ගැන අදහසකින් සිටිමයි.ඇය ඔහුගේ මොබයිල් එකටද කෝල් කරනා බව මා දැන ගත්තේ මුතු ගෙනි.මට ඇය ගැන මෙන්ම සිතාර ගැනත් ඇති වුයේ කේන්තියකි.නමුත් සියලු දේ අසා දැන ගැනිමට ඔහු ගමේ ගොස් තවම පැමිනියේ නැත.හරියටම සතියක් පමණ වේ.ඒ පිලිබද මට ඇති වුයේ බියකි.එහු නැවත පැමිනේවි දැයි කල්පනා කරමින් සිටින විට,
සුභානි…සුභානි යැයි පවසමින් කලබලයෙන් මුතු මා අසලට දිව එන්නට විය.
මුතු පැමිණ සුභානිට පවසන්නේ කුමක්ද?
මතු සම්බන්ධයි. 3 කොටස
සිතාර
සිතාර,ම්….නමත් හරියට එයා වගේම ලස්සනයි.
ගුරැවරයෙක් දෙයක් ඇහුවම නැගිටල උත්තර දෙන්න බැරිද?මැනස් දන්නැද්ද?යැයි පවසමින් ප්‍රිරින්සිපල් දේශනය පටන් ගන්න කොටම කාලජ්චේදය අවසන් වන සිනුව නාද විය.මම හිත යටින් එයට ස්තුති කළෙමි.ප්‍රිරින්සිපල් ගිය පසු මම සිතාර අසලට ගොස් ඔහු හා කතා කළෙමි.
ම්…..සිතාර,ඔයා කොහෙද?
මම අම්බලන්තොට
හා…හා..සුභානි මොකද ලයින් එක ඒ කොල්ලට ඉන්න දියන් යැයි’ පවසමින් මුතු අප අසලට පැමිණියේය.
නෑ…නිකන් බං කතා කළා යැයි’ පවසමින් මා එතැනින් ඉවත් වුයේ හිත යටින් ඇයට දොස් නගමිනි.
නමුත් නොබෝ දිනකින් සිතාර සහ මම හොද යහළුවන් බවට පත් වුයේ මසිතට සතුටක් ඇති කරමිනි.දිනක් ඔහු මා අසලින් වාඩි වී,
සුභානි,ලබන සතියෙ ඉදන් පංති එනව ද?
බලමු හලෝ,note ලියන්නත් ඇතිනෙ
මං ඔයාට note ටික ලියල දෙන්නම් ලබන සතියෙ
අනිවාර්්‍යයෙන් ම පංති එන්න ඕන.
අනේ…මං අම්මගෙන් අහල බලන්නම් යැයි’ පවසන විට ඔහුගේ මුහුණ අදුරැ විය.මොහොතකුත් මා අසළ නොරැදි ඔහු ඉවතට ගියේය.සිතාර,සිතාර මම ඔහුට කතා කළ ඳ ඔහු හැරි නොබැලුවේය.මට මා ගැන ඇති වුයේ කේන්තියකි.
දිනෙන් දින මසිතට ඔහු ගැන ආදරයක් ඇති වන්නට විය.
පසුදා මා පාසල් එන විට ඔහු කලින් පැමිණ සිටියේය.නමුදු ඔහුගේ සිතේ දුකක් ඇති බව බැලු බැල්මට පෙනෙන්නට විය.
ගුඩ් මෝනින් සිතාර
මෝනිං……..
මොකඳ හලෝ ෂොක් එකේ,කෙල්ල බුට් එක තිබ්බද?
ඔහු එකවරම මා දෙස හැරි බැලුවේය.
2කොටස
අද හරි පුදුම දවසක්.මං ඉස්කෝලෙට යන කොට ටිකක් පරක්කු වෙලා.හරි පුදුම වෙනසක් අද පංතියේ වෙලා තියෙන්නෙ.මොකද දන්නවද මට ඊයෙ ඉස්කෝලෙ එන්න බැරි වුනානෙ. එ මගේ පෞද්ගලික හේතුවක් නිසා.කොහොමින් කොහොම හරි පනිශ්මන්ටි නොකා පංතියට පැන ගත්තයි කියමුකෝ.මෙන්න බොලේ වැඩක් මගේ ජිවිතේ මං හොයමින් සිටි දෙනෙත් අද මගේ ඉස්සරහම, එවෙලෙ මට දැනුණු සතුටට මං හයියෙන් හිනාවුණා.ඒ ළමයා හරි අමුතු විධියකට මම දිහා හැරිලා බැලුවා.මං එයත් එක්ක හිනා වුණා.එයා හරි අහිංසක විධියට හිනා වෙලා අහක බලා ගත්තා.මට ඕන වුනේ කොහොම හරි ඒ ළමයගෙ නම දැන ගන්න.ඒත් පංතියෙ කෙල්ලන් ගෙන් අහන්න බෑ.මොක ද උන් මට විහිළු කරාවි.
පලවෙනි පීරියඩ් එක පටන් ගත්තයි කියමුකෝ මුතු මම ළගට ඇවිත්,
සුභානි උඹ දන්නවද? අරයගෙ නම
කාගෙ ද බං
අර අලුතෙන් ආව බෝයිගෙ
මට මොකට ද බං ඕව,වැඩක් බලා ගනින්.
එහෙම බැනල මුතුව එලව ගත්තත්, ඒ ගැන හිතේ පොඩි දුකකුත් ඇති නුණාමත් නොවේ.අපරාදෙ මට ඒකිගෙන් නම අහ ගන්නත් තිබුණා.පංඩිත කමට එලව ගත්තනෙ.එහෙම දුක් වෙන අතරෙ ප්‍රින්සිපල් පංතියට ඇවිත් අලුතෙන් ආව ළමයි ටිකගෙ නමි අහන්න පටන් ගත්තා.මං නොයිවසිල්ලෙන් බලන් හිටියෙ ඒ ළමයගෙ නම අහගන්න. ඒත් සිද්ධ වුනේ හිතුවෙවත් නැති දෙයක්,
මේ,ඔය ළමයා නැගිටිනවා මේ ලෝකෙ නෙමෙයි
ඉන්නෙ, නම මොකද් ද ?
ඔහුගේ නම කුමක් වෙයිද?
ඉතිරි කොටස ලබන සතියේ
ඩෙංගු උණ
සුකර උණ
පසුව ආ අලුත් ම
භයානකම උණ
දැන් ආව ඡන්ද උණ
අත්තාහි අත්තනෝ නාතෝ
කෝහි නාතෝ පරෝසියා
තමන්ගෙ ජිවිතය සමිබන්ධ සියලුම වගකිමි ඇත්තෙ තමා සතුවය.බුදු දහමට අනුව ඉහතින් එන ගාථාවෙහි අර්ථය තමාට තමා හැර අන් සරණක් නැත යන්නයි.මින් අදහස් වන්නෙ ජිවිතයෙ සියලුම අයිතින් සමිබන්ධ මුලික අයිතිය ඇත්තෙ තමන් සතුව බවයි.මෙලොව උපත ලැබුමට පසු නොයෙක් බැදිමිඇැති කර ගන්නා අපි ජිවිත කටයුතු ඇති කර ගන්නෙ එම බැදිමි හරහාය.නමුත් වයසින් මුහුකුරා ගිය අයෙකුට හමුවන ඉරණමි ස්ථාන වලදි ස්වාධිනව තිරණ ලබා ගැනිමට අයිතිය ඇත.තමාගෙේ් ජිවිතය සමිබන්ධ උදවි උපකාර ඇත්තෙ තමා සතුවය. නමුත් අප පුරැදු වි ඇත්තෙ අනුන් මත යැපිමටය. එ මෙන් ම ඔබ තවත් කෙනෙකු මත යැපි තිරණ ලබා ගැනිම ඔබෙ පෞරැෂය හින කරවිමට සමත් කරැණක් බවද මතක තබා ගන්න.කෙදිනක හෝ මම මෙක කලෙ යාළුවා කියපු නිසා……….මම මෙම තිරණය ගත්තෙ අම්මා කියපු නිසා ආදි වශයෙන් කීමට ඔබ ඔබේ ජිවිතයේ කිසිම අවස්ථාවක ඉඩ නොතබන්න.මම මෙම තිරණය ගත්තෙ හොදට හිතල බලලා මේක කරන්න අදහස් කලෙ මම මයි ආදි ලෙසින් පැවසිමට තරම් ම ස්වාධිනත්වයක් ගොඩනගාගන්න.ඔබට වයසින් මුහුකුරා ගිය අයෙකුගෙන් උදවි උපකාර ලබා ගැනිමට නොපැකිලෙන්න.එම නිසා අවශ්‍යය අවස්ථාවල නම්‍යශිලි කෙනෙකු වන්න.වැදගත් තිරණ ලබා ගන්න. ලොව තේරුමක් නැති තිරණ 03 ඇත.
නිසි කලට නොගන්නා තිරණ
අවශ්‍යය කරැන හැර අනවශ්‍යය කරැණ පිළිගන්නා තිරණය
තවමත් ලබා ගෙන නැති තිරණය
ඔබෙ තිරණ මින් එකකට හෝ අදාල නොකරන්න.පසු කලෙක දුක් නොවන්න.වඩාත් සාධාරණ තිරණ ගැනිමට ඔබ බුද්ධිමත් විය යුතුය.මක්නිසාදයත් කවුරැ කෙසෙ කිවත් ඔබෙ ජිවිතය ඔබෙ පමණි. නමුත් ඔබ ලබණ මෙම සියලු තිරණ යහපත් හා සාධාරණ සුදුසු තිරණ විය යුතුය.
ආශාවෙන් උපන් සැබැ ආලය
නමුත්
පැවතිය හැක ආලයකට
රාගයෙන් තොරව
එය වෙයි ලොව සැබැ ආලය