දෙහදක ආදරය (පලමු කොටස)

අද හරි පුදුම දවසක්.මං ඉස්කෝලෙට යන කොට ටිකක් පරක්කු වෙලා.හරි පුදුම වෙනසක් අද පංතියේ වෙලා තියෙන්නෙ.මොකද දන්නවද මට ඊයෙ ඉස්කෝලෙ එන්න බැරි වුනානෙ. එ මගේ පෞද්ගලික හේතුවක් නිසා.කොහොමින් කොහොම හරි පනිශ්මන්ටි නොකා පංතියට පැන ගත්තයි කියමුකෝ.මෙන්න බොලේ වැඩක් මගේ ජිවිතේ මං හොයමින් සිටි දෙනෙත් අද මගේ ඉස්සරහම, එවෙලෙ මට දැනුණු සතුටට මං හයියෙන් හිනාවුණා.ඒ ළමයා හරි අමුතු විධියකට මම දිහා හැරිලා බැලුවා.මං එයත් එක්ක හිනා වුණා.එයා හරි අහිංසක විධියට හිනා වෙලා අහක බලා ගත්තා.මට ඕන වුනේ කොහොම හරි ඒ ළමයගෙ නම දැන ගන්න.ඒත් පංතියෙ කෙල්ලන් ගෙන් අහන්න බෑ.මොක ද උන් මට විහිළු කරාවි.
පලවෙනි පීරියඩ් එක පටන් ගත්තයි කියමුකෝ මුතු මම ළගට ඇවිත්,
සුභානි උඹ දන්නවද? අරයගෙ නම
කාගෙ ද බං
අර අලුතෙන් ආව බෝයිගෙ
මට මොකට ද බං ඕව,වැඩක් බලා ගනින්.
එහෙම බැනල මුතුව එලව ගත්තත්, ඒ ගැන හිතේ පොඩි දුකකුත් ඇති නුණාමත් නොවේ.අපරාදෙ මට ඒකිගෙන් නම අහ ගන්නත් තිබුණා.පංඩිත කමට එලව ගත්තනෙ.එහෙම දුක් වෙන අතරෙ ප්‍රින්සිපල් පංතියට ඇවිත් අලුතෙන් ආව ළමයි ටිකගෙ නමි අහන්න පටන් ගත්තා.මං නොයිවසිල්ලෙන් බලන් හිටියෙ ඒ ළමයගෙ නම අහගන්න. ඒත් සිද්ධ වුනේ හිතුවෙවත් නැති දෙයක්,
මේ,ඔය ළමයා නැගිටිනවා මේ ලෝකෙ නෙමෙයි
ඉන්නෙ, නම මොකද් ද ?

ඔහුගේ නම කුමක් වෙයිද?
ඉතිරි කොටස ලබන සතියේ



No Responses to “දෙහදක ආදරය (පලමු කොටස)”

No comments yet

Leave a Reply