පාරමි (1 කොටස)
පුතේ නැගිටින්න, යන්න පරක්කු වෙනව නේද ?
ආ….. අම්මෙ වෙලාව කීයද ?
5.00 මං ඔයාට ගෙනි යන්න කෑම එකකුත් එතුවා.
මං හනිකට නැගිටලා ලෙහෙස්ති වුනා. මට පුළුවන් විධියට අම්මට කරදර නොකර ඉකුත් දින ඇදන් යන ඇදුම ගැලපෙන්න සකස් කර ගත්තා. නිල් පාට සාරියට නිල් පාටින්ම ආභරණ ටිකයි සපත්තුයි හැම දේම ගත්තා. අම්මට කරදර කරන්න බැහැනෙ ඒකයි.
මං ගෙදර එනකොට ගොඩාක් හවස් වෙලා. අම්ම මං එනකන් මග බලා ගෙන හිටියා.
මොකද පුතේ පරක්කු වුනේ, මං හරියට බය වුනා.
ගොඩාක් අය ඇවිත් හිටියා. ඒකයි අම්මෙ,
———————————————
මාව job එකට තෝර ගත්තයි කියල පහු වෙනිදා ලියුමක් ආවා. ඒ වෙලාවෙ මට දැනුන සතුටට මට ඇඩුන.අමිම ආශිර්වාද කලා. දැන් ඉතින් හෙට ඉදන් වැඩට යන්න එපැයි.
ආදරයේ පැවැත්ම
එදා හරියට වැස්ස මං වැස්ස
දිහා බලාගෙන කල්පනා කළේ
මොනා ගැනද කියල දන්නවද
දන්නෑ නේද
ම්…………….
මං කල්පනා කළේ 
අපි ගැන
අපේ ආදරේ ගැන
ඒ ආදරේ පැවැත්ම ගැන
අපි
හිතුවෙවත් නැති දිනයක
හිතුවෙවත් නැති මොහොතක
හිතුවෙවත් නැති තැනකදී 
හිතුවෙවත් නැති විධියට
අහම්බෙන් අපි හමු වුනා
අදහගන්නත් බැරිවම
කියාගන්නත් බැරිවම
ක්ෂණයකින් අපි ලං වුනා
ආදරය
ආදරය කියන්නෙ ඉතා උතුම් දෙයක්. අපි හැමෝටම ආදරය අවශ්‍යයි.ආදරය බලෙන් ලබාගන්න බැහැ. ඒවගේම බලෙන් දෙන්නත් බැහැ. ආදරය මත තමයි දෙයක් බොහෝ කල් රදා පවතින්නෙ. ආදරයට වෛර නොකල යුතුයි. ආදරයට ආදරය කළ යුතුයි. එවිට තමයි අපිට හරි ආදරයක් ලැබෙන්නෙ. අද සමාජයේ ආදරය කිරිම වරදක් ලෙස බොහෝ දෙනා දකිනවා. අනුමත කරනවා.
නමුත් ආදරය කිරිම වරදක් ලෙස පෙන්වා දිමට නොහැක. මන්ද යත් සමාජයේ ජිවත් විමට අප එකිනෙකාට ආදරය කළ යුතු බැවිනි. තමන්ගෙ පවුලෙ අයට යහළුවන්ට, ගුරුවරුන්ට, ඥාතින්ට වගේම පරිසරයෙ ජිවත් වන සතා සිවුපාවුන්ට ආදරය ඕන.ඒවගේම තමන්ට ලැබුනු මේ ජිවිතයට ද ආදරය කළ යුතුයි. ඕනෑම වයසක තරාතිරමක අයෙකුට ආදරය කළ හැකියි.එසේම නියම ආදරය ද චැලැක් විමට නොහැක.
මගේ ජිවිතය
අපි වටේ ඉන්න හැමෝම අපිව තේරුම් ගත්තයි කියල හිතුවට කවදාවත් ඒක සිද්ධ වෙන්නෙ නැහැ. ගෙදර අය, යාළුවෝ ඒ අයත් එහෙම තමයි හැමදාම එන ප්‍රශ්න කතා කරල විසද ගන්න බැරිව ගොඩාක් හිතින් විදවනවා. මට තියෙන ප්‍රශ්න විවෘතව කියා ගන්න පුළුවන් කමක් මට නැහැ. කියන්න පුළුවන් වුනත් කියා ගන්න කෙනෙක් මගෙ ජිවිතේ නැහැ. ඇත්තටම මම ගොඩාක් අසරණ වෙලා. හැමෝටම පෙන්න හිනාවෙලා හිටියත් හදවතින් කාටත් නොපෙනෙන්න හඩා වැටෙනවා.
හැමෝගෙම ජිවිත වල ප්‍රශ්න නැතුව නෙවෙයි තියෙනවා. ඒත් මට තියෙන ප්‍රශ්න කාත් එක්කවත් කියන්න බැහැ. මේක බලන ඔයාල මට තියෙන ප්‍රශ්නය වැරදි ව්ධියට තේරුම් ගන්න එපා. ගෙදර වෙන දේවල් මට දරා ගන්න හරි අමාරුයි. ඒකයි මම මේ විධියට ලියන්නෙ. මට මගේ ජිවිතේ එපා වෙලයි තියෙන්නෙ. කාටත් පේන්නැති වෙන්න කොහේ හරි දුරකට යන්න තියෙනවනම් කියල හැමවෙලාවකදිම මට දැනෙනවා.
දෙහදක ආදරය(අවසාන කොටස)
මුතු මට ඔයාට කියන්න දෙයක් තියෙනවා
මොකක්ද
මං ගැන වැරදියට හිතන්න එපා
හරි ඉතින් කියහන්කෝ
සිතාර මගෙන් අහනවා
වාව් මරැනෙ
විහිළු නෙමෙයි බං සිරියස්
දැන් මොකද කරන්නෙ
උඹට හිතෙන දෙයක් කරපං
මට බයයි බං
…………………………………
මොකද සුභානි කියන්නෙ
ප්‍රශ්නයක් ඇති වෙයි නේ
නැහැ ඒක මං බලා ගන්නන්
හරි මොකක්ද කියන්නකො ඔයාගෙ උත්තරේ
මං මුතු අතේ එවන්නම්
දැන් කියල යන්න
…………………………………..
සිතාර එයා කැමතියි කිව්වා
YES මං දින්නා
දෙහදක ආදරය(නවවන කොටස)
පසු දින ඇය පාසල් පැමිණියේ ඔහුගේ ප්‍රශ්නයට පිලිතුරක් ඇතිවය.
………………………………………
මේ මොකද කල්පනාව
මොකුත් නැහැ.
නැති වෙන්න බැහැ.
උත්තරයක් කියනවද?
ම් බලමු.
බලමු නෙමෙයි උත්තරයක් ඕනමයි.
මට කරදර කරන්න එපා පාඩුවෙ ඉන්න දෙන්න.
හරි මමනෙ ඔයාට කරදර කරන්නෙ මම ගියහම ඉවරනේ පාඩුවෙ ඉන්න පුළුවන්නෙ.
හම්මෝ ඔච්චර කෙන්ති ගන්න එපා වයසට යයි.
හරි ඒකට කමක් නෑ මං අහපු දේට මොකද කියන්නෙ
එදා උත්තරේම තමයි.
තව විනාඩි 5කින් මට හරියටම උත්තරයක් ඕන.
අනේ……..
………………………………….
දෙහදක ආදරය (අටවන කොටස)
මං ගෙදර අයට ආදරෙයි.
ඉතිං.
ඒ ගොල්ලන්ට මං ගරු කරනවා.
ඉතිං .
ඒ අයට බොරු කියන්න මට බැහැ.
ඉතිං.
මොකද අනේ ඉතිං ඉතිං කියන්නෙ.
ඉතිං කියන් නැතුව වෙන මොනා කියන්නද?
මං හිතුවෙ පිස්සුයි කියල.
පිස්සු ඔව් මට පිස්සු තමයි දන්නවද ඒ ඇයි කියල ඒ ඔයා නිසා.
මං නිසා.
ඔව් මාව තේරුම් සුභානි මං මැරේවි. මට ඔයාව ඕන. හෙට උත්තරයක් අරගෙන එන්න යැයි කියමින් ඉවත්ව ගියේය.
දන්නවද ඔයා මට ආදරේ කරනවට වැඩිය මං ඔයාට ආදරෙයි. ඒත් මං මේ සමාජයට බයයි ඇයි ඒක තේරුම් නොගන්නෙ.
දෙහදක ආදරය (හත්වන කොටස)
1 4 3
ම්…….හොරා, අල්ල ගන්නම් කෝ පස්සෙ යැයි පැවසුවේ හිතේ ඇතිවු කියා නිම කළ නොහැකි විශාල සතුටකුත් සමගය.මං බස් නැවතුම් පල අසලට පැමිණෙන විට ඔහු යහළුවන් සමග සිටිනවා මම දැක්කා.සිතාර මා දෙස බැලුවත් මම අහක බලා සිටියේ බොරු තරහක් මවාගෙනය.මගෙ වෙනස අදුරාගත් සැනින් ඔහුගේ මුහුණ අදුරු විය.ඔහු මා දෙසම බලා සිටින බව මා දුටුවේ මුතු පෙන්වු පසුවය.මා ඔහු දෙස බලනවත් සමගම ඔහු හිසින් ඇයි දැයි ඇසුවාය.ඇය හිස දෙපසට වනා මොකුත් නැතෙයි කිවාය.
……………………………………..
ඔයා හරි නරකයි සිතාර.
ඇයි?
මොකක්ද ඒ කරපු වැඩේ තේරුම.
මොන වැඩේද ?
අර කොලේ ලියල තිබුනෙ.
ඇයි වැරැද්දක්ද?
ඔව්.
ඔයා හරි නපුරුයි සුභානි මං හිතුවෙ නෑ ඔයා මෙහෙම කියයි කියල.මං යනවා.
යන්න ඉතින්.යැයි ඇය පැවසුවත් එය කිවේ හිතකින් නොවේ.නමුත් ඔහු ගේ හිතට එය තදින් වැදුනු බව දැනුනේ ඔහු බසයෙන් බැස්ස පසුය.ඔහු එසේ කරතැයි ඇය හිනෙන් වත් සිතුවේ නැත.නමුත් සිතාර බසයෙන් බැස්සාය. ඇයට ඇය ගැන ඇති වුයේ කියා නිම කළ නොහැකි කේන්තියකි.
සුභානි මොකෝ බං අරයට වුනේ එකපාරටම
දන්නැ බං
…………………………………….
මං නිවසට ආ පසුත් කල්පනා කලේ සිතාර ගැනය.රවුන් අකුරින් ලියු ඉලක්කම් දෙස මා බලා සිටියේ ආදරයෙනි.
සුභා දවල්ට කන්නැද්ද මොකද කාමරේ ඇතුලට වෙලා කරන්නේ ආ….දරුවෝ.
මොකුත් නෑ අම්මේ යැයි පැවසු ඇය ඒ මතක සටහන පොතක් තුලට දැම්මේ කඩිනමිනි.
අම්මේ කෝ අයියා.
පහලට ගියා.
මොකටද?
මං දන්නවයැ.හෙට පංති යනවද?
ඔව්.
සල්ලි තියෙද?
ම්……
………………………………………
මේ මොකක්ද ඊයෙ කළ වැඩේ තේරුම.
ඔයාට මොකද
ඔචිචර කේන්ති ගන්න එපා වයසට යයි.
කමක් නෑ.උත්තරේ මොකක්ද?
මං ඔයාට වැඩිය වැඩිමල්නේ.
ආ…ඒකද ප්‍රශ්නෙ.
නෑ තව තියෙනවා.
මොනවද?
ඇය සිතාරට පවසන්නේ මොනවද?ලබන සතියේ.